සොහොන් කොතක් ළඟ සඟවා තිබූ කෝටි 1.6 ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අම්බලන්ගොඩින් මතුවේ

ශ්‍රී ලංකා යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) එක්ව සිදු කළ ඒකාබද්ධ වැටලීමකදී අම්බලන්ගොඩ, කන්දේගොඩ ආදාහනාගාරයේ සොහොන් කොතක් අසල සඟවා තිබූ රුපියල් මිලියන 16.8 කට අධික වටිනාකමකින් යුත් ‘අයිස්’ (ICE) මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.
ශ්‍රී ලංකා යුද හමුදාව පවසන පරිදි, යුද හමුදා බුද්ධි බලකාය වෙත ලැබුණු තොරතුරකට අනුව මාතර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් නොවැම්බර් 17 වැනිදා මෙම වැටලීම සිදු කර ඇත.
එම මෙහෙයුමේදී ආදාහනාගාර පරිශ්‍රය තුළ සොහොන් කොතක් අසල සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 400 ක් නිලධාරීන් විසින් සොයා ගන්නා ලදී.
රුපියල් මිලියන 16.8 කට වඩා වැඩි වටිනාකමකින් යුක්ත යැයි ඇස්තමේන්තු කර ඇති මෙම මත්ද්‍රව්‍ය තොගය මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු සඳහා එම ස්ථානයේ සඟවා තබන්නට ඇති බව යුද හමුදාව සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.




