පිළිකාව සුව කරන්න ජලයේ ගිල්වූ දරුවා මරුට

ලේ පිළිකාවකින් පීඩා විඳිමින් සිටි 07 හැවිරිදි දරුවෙකු ගංඟා නදියේ විනාඩි 15ක කාලයක් ගිල්වා තැබීමෙන් මියයාමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙයි.

දරුවාගේ මව්පියන් මෙලෙස දරුවා ජලයේ ගිල්වා ඇති බව වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ දරුවාගේ දෙමාපියන් විසින් මෙලෙස දරුවාව ගංගා නදියේ ජලයේ ගිල්වා ඇත්තේ, ජලයේ ගිල්වීමෙන් පසු ආශ්චර්යකින් ඔහුට වැළදී ඇති පිළිකාව සුවවනු ඇති බවට වූ අන්ධ විශ්වාසයක් හේතුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *