පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

කොළඹ මහ නගර සභාවේ නගරාලංකරණ ව්‍යාපෘති සම්බන්ධීකාරක ඉංජිනේරු කුමුදු බෝගහවත්ත මහතා සඳහන් කළේ කොළඹ පාවෙන වෙළඳ සංකීර්ණය ඉදිරිපිට තිබී ඉකුත්දා කඩා ඉවත් කළ කඩ 21ද එලෙස ජාවාරම්කරුවන් විසින් ඉදිකර තිබූ අනවසර ඉදිකිරීම් බවයි.

ජාවාරම්කරුවන් විසින් එම වෙළඳසැල් වෙනත් පුද්ගලයන්ට දවස් කුලියට බදු දී තිබෙන බවට අනවරණය වී තිබෙන බවද හෙතෙම පැවසීය. අනවසර ඉදිකිරීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණු පළමු අවස්ථාවේදීම එය ඉවත් කිරීමට නගර සභාව පියවර ගන්නා බවයි. ‍ෙ

මෙවැනි සංවිධානාත්මක ජාවාරම්කරුවන්ට හසු වී තම මිල මුදල් නිකරුණේ නාස්තිකර නොගන්නා ලෙස කොළඹ මහ නගර සභාව හා නාගරික සංවර්ධන අධිකාරිය ඉල්ලා සිටී.

කොළඹ පාවෙන වෙළඳ සංකීර්ණය ඉදිරිපස තිබූ වෙළඳසැල් ඉවත් කිරීම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සම්බන්ධයෙන් කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් නාගරික සංවර්ධන අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මහින්ද විතානාරච්චි මහතා සඳහන් කළේ මෙයට පෙර 2013 වසරේදීද මෙම ස්ථානයේ ඉදිකර තිබූ අනවසර වෙළඳසැල් 73ක් ඉවත්කර කොළඹ බැස්ටියන් මාවත හා ඒ අවට ප්‍රදේශය ජනතාවට ආකර්ෂණයක්වන ලෙසට සංවර්ධනය කිරීමට පියවර ගත් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *