“අනුර- සජිත් පොඩි ළමයි” – වජිර අබේවර්ධන

අනුර, සජිත් වැනි පොඩි ළමයි රටක් කරන්නට හැකියාවක් ඇති අය නොවන හෙයින් ඒ සියලු දෙනා ජනපතිගේ ගමන සමග එකතු විය යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

රටේ පාලනයට දායක වූ කිසිම දේශපාලන පක්ෂයකට රට ණය උගුලක හිර කිරීමේ චෝදනාවෙන් නිදහස් වන්නට නොහැකි බව කී අබෙිවර්ධන මහතා අනුර ගත් ණයත් දැන් රනිල් විසින් ගෙවමින් සිටින බව කීය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් වජිර අබෙිවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණත් රට පාලනයට දායක වූ පක්ෂයක් බව කී වජිර අබේවර්ධන මහතා ඒ පාලනයේදී ගත් ණයත් දැන් රනිල් වික්‍රමසිංහ විසින් ගෙවමින් සිටින බව කීය. ඔවුන් ඇමතිකම් කරන සමයේ ලෝකයෙන් ලබා ගත් වැරදි සහගත ණය මෙලෙස ගෙවමින් සිටින්නේ යැයිද එජාප සභාපතිවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *