පාස්කු

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් පවුල් වෙත නව නිවාස

පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී විපතට පත් පවුල් 19 කට නිවාස ලබාදීම ඊයේ(28) පස්වරුවේ සිදුවිය.

ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

කොටහේන සාන්ත ලුසියා දේවස්ථානයේදී එම වැඩසටහන සංවිධානය කර තිබුණි.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ, “අපෙන් වියයුතු යුතුකම් අපි අනිවාර්යයෙන්ම ඉටු කරනවා,” යනුවෙනි.

මේ අතර ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණි.

මෙරට ආර්ථික පුනර්ජීවනය සඳහා චීනයෙන් ලැබෙන අඛණ්ඩ සහාය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා එහිදී සිය ප්‍රසාදය පළකර ඇති අතර කොවිඩ් වසංගත පාලනයට මෙන්ම එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථක කරගැනීමට ලැබෙන සහාය පිළිබඳවද චීන රජයට එහිදී ප්‍රණාමය පුද කර තිබේ.

එමෙන්ම චීන මහජන බැංකුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර චීන යුවාන් බිලියන 10ක ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම ගෝලීය ආයෝජකයින්ගේ හැඟීම් ශක්තිමත් කිරීමට හා ශ්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි විශ්වාසය වැඩිකිරීමට උපකාරි වනු ඇතැයිද චීන තානාපතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *