පාස්කු ප්‍රහාරයට අදාළ කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීමේ කමිටුව අද රැස්වේ

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කළ කැබිනට් අනු කමිටුව අද (22) පළමු වරට රැස්වීමට නියමිතව තිබේ. ඒ චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඒ අනුව අද දිනයේ අදාළ වාර්තාව පිළිබඳ මූලික අධ්‍යයනයක් සිදු කිරීමට බලාපොරොත්තුවන බවයි අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කර සිටින්නේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා මෙම කැබිනට් අනු කමිටුව පත්කරනු ලැබුවේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තාවේ ඇතුළත් කරුණු සහ නිර්දේශ ගැඹුරින් අධ්‍යයනය කර ඒ පිළිබඳ ක්‍රියා කළයුතු ආකාරය වාර්තා කිරීමටයි.

චමල් රාජපක්ෂ මහතා සභාපතිත්වය දරණ මෙම කමිටුවෙහි සෙසු සාමාජිකයින් වන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග සහ රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *