පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ජනපතිට අපරාධ චෝදනා

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, හිටපු ඇමති රිෂාඩ් බදියුදීන්, හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම්. හිස්බුල්ලා, පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු අණදෙන නිලධාරී එම්. ආර් ලතීෆ්, ජ්‍යෝෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර, නීතීඥ රියාජ් බදියුදීන් ඇතුළු පිරිසට 2019 අප්‍රේල් 21 වැනි දින එල්ලවූ පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් පාස්කු දින ප්‍රහාර විමර්ශන ජනාධිපති කොමිස විසින් චෝදනා එල්ල වී ඇත.

පාස්කු ප්‍රහාරයට අදාලව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හට අපරාධ චෝදනා ගොනු කරන ලෙස පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විමර්ෂණ සිදුකළ ජනාධිපති කොමිෂන් සභාව සිය වාර්තාව මගින් නිර්දේශ ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා.

හිටපු ජනාධිපතිවරයා මෙන්ම ආරක්ෂක ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 16 සිට 21 දක්වා ඉන්දියාව සහ සිංගප්පූරුව බලා යන අවස්ථාවේ වැඩබලන ආරක්ෂක ඇමැතිවරයකු පත් නොකිරීමෙන් සාපරාධී ලෙස තම වගකීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැහැර හැර ඇති බවත් ඒ අනුව චේතනාන්විතව සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර මාලාවට මග පෙන්වීමක් කිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවත් පාස්කු දින ප්‍රහාර විමර්ශන ජනාධිපති කොමිසමේ වාර්තාව නිර්දේශ කර තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *