පාසල් සිසුන්ට එන්නත් ලබා දෙන්නේ නම් ප්‍රමුඛතාව ලබා දෙන්නේ කුමන ඛාණ්ඩයටද යන්න අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි

පාසල් සිසුන්ට කොරෝනා මර්දන එන්නත ලබාදෙන්නේ නම් පළමුවෙන් මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සදහා ප්‍රමුඛතාව ලබාදිය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ළමුන් සදහා අනුමත කරන එන්නතක් මෙරට පාසැල් සිසුන්ට ලබාදීමට අපේක්‍ෂා කරන බවද අධ්‍යාපන අමාතයංශයේ ලේකම්වරයා සදහන් කර සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *