පාසල් වෑන් රථ වල ලිසිං සහනය තවත් මාස 6කින් දීර්ඝ කෙරේ

සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය විසින් ජනාධිපතිවරයාගෙන් සිදුකළ ඉල්ලිමකට අනුව, පාසැල් ළමුන් ප්‍රවාහනය කිරීමේ නිරත වෑන් රථ සදහා ලීසිං ණය වාරික ගෙවීමට තවත් මාස 06ක සහන කාලයක් ලබා දීමට ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟතාවය පළ කර තිබේ.

මේ අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විෂයභාර අමාත්‍යවරයාට උපදෙස් දී තිබේ. වන්දි ගෙවීමේ ගැටළු නිසා කොළඹ සිට කුරුණෑගල දක්වා කොටසේ ඉදිකිරීම් අඩාල වී තිබේ. ඊට කඩිනමි විසඳුම් දී අධිවේගී මාර්ගය තනා නිම කරන්නැයි ජනාධිපතිවරයා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට උපදෙස් ලබා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *