පානම මුහුදේ භූ චලනයක්

පොතුවිල්, පානම ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ අද (19) පෙරවරුවේ මැග්නිටියුඩ් ඒකක 4 ක භූචලනයක් වාර්තා වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.

අද පෙරවරු 11.14ට පමණ සිදුව තිබෙන මෙම භූ චලනය කුඹුක්කන් ඔය මුහුදට එක්වෙන මෝය කටේ සිට කිලෝමීටර් 14ක් නැගෙනහිරින්වූ මුහුදේ මුහුදු පත්ලේ සිට කිලෝමීටර් 10ක් ගැඹුරින් සිදුව ඇති බවටයි එම කාර්යාංශය නිවේදනය කර සිටින්නේ.

මෙම භූ චලනය මෑත කාලයේදී ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ සිදුවූ ප්‍රබලම භූමිකම්පාව වන අතර, මීට පෙර 2009 වර්ෂයේදී රිච්ර්ට් ඒකකයේ 4.5ක පමණ අගයකින් යුත් භූමිකම්පාවක් පානම මුහුදෙන් වාර්තා විය.

කෙසේවෙතත් මෙම භූමිකම්පාව හේතුවෙන් කිසිදු සුනාමි අනතුරක් නොමැති බවයි භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ පුර්ව සුනාමි අනතුරු ඇඟවීමේ ඒකකය සඳහන් කර සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *