පාදුක්කෙන් හා බගවන්තලාවෙන් කොවිඩ් පොකුරු

පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මඟින් සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලදී කොවිඩ් -19 ආසාදිතයින් 114 දෙනෙකු හඳුනාගෙන තිබේ.

පසුගිය මස 31 වනදා සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ 170කින් එම ආසාදිතයින් හඳුනාගත් බව පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි දුමිත්‍රී කහංගම මහතා පැවසීය.

කෙසේවෙතත් නිරෝධායනය වෙමින් සිටි පිරිසක් සහ රෝග ලක්ෂණ පෙන්නුම් කළ පිරිසක් මෙම පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමුකළ බව ඔහු කීය.

ආසාදිතයින් අතර පොලිස් නිලධාරින් දෙදෙනෙකු ද වන බව වාර්තා වේ.

මේ අතර, බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන නගරබද සහ වතු ආශ්‍රිත ප්‍රදේශවලින් අසාදිතයන් 13 දෙනෙකු හමු වූ බව එහි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසිය.

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශයෙන් කොවිඩ්-19 වෛරස ආසාදිතයන් 566 දෙනෙකු මේ වන විට වාර්තා වී ඇති අතර ඊයේ දින වාර්තා වු කොවිඩ් මරණ 04ත් සමග එම ප්‍රදේශයෙන් වාර්තා වී ඇති කොවිඩ් මරණ 18 දක්වා ඉහළ ගොස් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *