පාතාල කල්ලි මඩින පොලිසියේ 100 ක් එස්.ටී.එෆ් පුහුණුවේ

සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසයි.

එම පුහුණු කෙරෙන නිලධාරීන්ට විශේෂ නිලඇදුමක් ලබාදෙන අතර විශේෂිත යතුරුපැදි 50 ක් සහ ගිනි අවි ලබාදී මැයි මස 01 වැනිදා සිට පාතාල මර්දන රාජකාරියට යොදවන බව පොලිස් මූලස්ථානය කියයි.

ඒ අනුව අපරාධ වැඩියෙන් වාර්තා වන බස්නාහිර පළාතේ තෝරාගත් පොලිසි 25 කට නිලධාරීන් 4 දෙනකු බැගින් එම පුහුණු කෙරන නිලධාරීන් අනුයුක්ත කෙරෙන බව ද පොලිසිය පවසයි.

ඊට අමතරව ලබන මස 1 වැනිදා සිට සෑම පොලිස් ස්ථානයකම සිටින නිලධාරීන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් ගෙවල් බිදුම්, කොල්ලකෑම්, මාල කැඩීම්, වාහන සොරකම් ඇතුළු බල අපරාධ මැඩලීමේ රාජකාරියට යොදවන බවද පොලිසිය පවසයි.

දකුණු පළාතේ පාතාල මර්දනය සදහා යෙදවූ විශේෂ පොලිස් කණ්ඩායම් විස්සට තවත් කණ්ඩායම් 10 ක් ලබන මස 1 වැනිදා සිට එකතු කරන බවද පොලිස් මූලස්ථානය පවසයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *