‘‘එක්වරක් රැවටුණා‘‘ -කොළඹ අගරදගුරු

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කරන බවට ගෝඨාභය මහත්මයා රදගුරු මණ්ඩලයට වාචිකව පොරොන්දුවක් දුන් බවත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ පැවසූහ.

කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ එසේ පැවසූහ.

ගෝඨාභය රාජපක්ෂ එම පොරොන්දුව ඉටු නොකිරීම හේතුවෙන් තමන් රැවටුණු බව ද අගරදගුරු හිමියෝ පැවසූහ.

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලඥයන් ඇඟිලි නොගහන පරීක්ෂණයක් අවශ්‍ය බව කී උන්වහන්සේ සමග ජන බලවේගය බලයට පැමිණියහොත් කරන දේවල් පිළිබඳව ලියවිල්ලක් යොමු කර ඇති බව ද සඳහන් කළහ.

ජනතාව විමුක්ති පෙරමුණ ඇතුළු එම කණ්ඩායමෙන් පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කටයුතු කරන බවට වචනයක් ලැබී ඇති බවත් ජාතික ජන බලවේගයෙන් ඒ සම්බන්ධයෙන් ලිඛිතව කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත් උන්වහන්සේ පැවසූහ.

ජාතික ජන බලවේගය තමන් හමුවීමට දිනයක් සහ වේලාවක් ඉල්ලා තිබීම නිසා එය ලබා දුන් බව කී අගරදගුරු හිමිපාණෝ පැවසුවේ ඔවුන් එම කාලය යොදා ගන්නේ කුමකටද යන්න පිළිබඳව අවධානය යොමු කරන බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *