සගයාගේ අවසන් කටයුතු ගැන බලන්න එක්සත් ජාතික පක්ෂ යයි

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා  තෙවරප්පෙරුම  මහතාගේ මතුගම නිවසට ගියේය.

තෙවරප්පෙරුම  මහතාගේ බිරිය සහ පුතණුවන් සමග අවමංගල්‍ය උත්සවයේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කළ එජාප සභාපතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ශෝකය තෙවරප්පෙරුම පවුලට පිරිනමා තිබේ.

තෙවරප්පෙරුම මහතාගේ වියෝව ඇසූ සැණින් ජනාධිපතිවරයාද දැඩි ලෙස ශෝකාකූල වූ බව එහිදී සඳහන් කළ වජිර අබේවර්ධන මහතා එජාපය අන්ත අසීරු තත්ත්වයට පත් වූ මොහොතේ පවා පක්ෂය හැර නොගිය තෙවරප්පෙරුම මහතාගේ වියෝගය දරා ගත නොහැකි පාඩුවක් බව ද සඳහන් කර ඇත.

මේ අතර එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර , සිරිකොත ප්‍රධාන විධායක නිලධාරී ශමල් සෙනරත් මහත්වරුද තෙවරප්පෙරුම මහතාගේ මතුගම නිවසට ගොස් අවසන් කටයුතු සිදු කෙරෙන ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *