පාඨලී – ඩලස් පිල හමුවෙයි

රටට ඔබින මනුෂ්‍යත්වයේ සන්ධානයක් නිර්මාණය කර ගැනීම සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට නිදහස ජනතා සභාව සහ එක්සත් ජනරජ පෙරමුණ එකඟ වූ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

“දේශය වෙනු­වෙන් එක්වන පිය­ව­රක්”මැයෙන් එක්සත් ජන­රජ පෙර­මුණ එළි­දැක්වූ ප්‍රකා­ශ­නය සහ වැඩපිළිවෙළ පිළිබඳ දැනුවත් කිරීම සඳහා නිදහස ජනතා සභාව හමුවීමෙන් පසු ප්‍රකාශයක් කරමින් පාඨලී චම්පික රණවක මහතා මේ බව කීය.

නිදහස ජනතා සභාව වෙත වැඩසටහන පිළිගැන්වීම නාවල කොස්වත්ත නිදහස ජනතා සභා කාර්යාලයේදී සිදු කෙරිණි.

නිදහස ජනතා සභාව වෙනුවෙන් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිඳිගොඩ, නීතිඥ සුමිත් විජේසිංහ  මහත්වරු ද, එක්සත් ජනපද පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර, දේශපාලන මණ්ඩල සභාපති කරු පරණවිතාන, ජ්‍යෙෂ්ඨ උප සභාපති, නීතිඥ ශිරාල් ලක්තිලක මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *