ප්‍රමුඛතා හඳුනාගෙන ඔක්ස්ෆර්ඩ් එන්නත ලබන මස මැද භාගයේ සිට මෙරට ජනතාවට ලබා දෙනවා

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් නිපදවූ කොවිඩ් එන්නත ලබන මස මැද සිට මෙරට ජනතාවට ලබා දීමට හැකියාව ලැබෙනු ඇතැයි අධ්‍යාපන අමැති මහචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසා සිටියි.

එම එන්නත මුලින්ම ලබා දෙන්නේ සෞඛ්‍ය අංශ සේවකයන්ට බවත් ප්‍රමුඛතා හඳුනා ගනිමින් එන්නත ලබා දීම සිදු කරන බවත් ජී. එල්. පීරිස් මහතා පවසයි. එමෙන්ම කොවිඩ් වෛරසයේ වැඩි බලපෑමක් වැඩිහිටි ජනතාවට තිබෙන බැවින් එන්නත ලබා දීමේදී ඔවුන්ටද ප්‍රමුඛතාවක් ලැබෙන්නේ යැයි ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියි. ඒ මහතා මේ බව පැවසූයේ පසුගියදා මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

සෙන්ටිග්‍රේඩ් අංශක -70ක් වැනි ඉහළ ශීත අගයක තැන්පත් කළ යුතු ෆයිසර් එන්නත ප්‍රායෝගිකව මෙරට තුළ භාවිතා කළ නොහැකි බැවින් වඩාත්ම සුදුසු එන්නත ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් නිෂ්පාදනය කළ එන්නත බව වෛද්‍ය අංශ තහවුරුකර තිබෙන බවත් ඒ මහතා මෙහිදී පවසා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *