ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

හැඳල පාලම හරහා ජලනළ එළීම සහ ප්‍රධාන නළ මාර්ගයට සම්බන්ධ කිරීමේ කටයුතු හේතුවෙන් හෙට පැය 24ක කාලයක් වත්තල ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනුව හෙට උදෑසන 10 සිට අනිද්දා උදෑසන 10 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

එම ප්‍රදේශ වන්නේ,

වත්තල – මීගමුව පාරේ කොටසක්, මාබෝල කොටසක්, වැලිකඩමුල්ල, හැඳල පාර නායකකන්ද හන්දිය දක්වා සියලුම අතුරු මාර්ග, අල්විස් ටවුම, මරදාන පාර, පුවක්වත්ත පාර, ගලගහදූව සහ කෙරවලපිටිය කොටසක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *