ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

හෙට (12) දින පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පැය 8ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දෙයි.

ඒ, මාලිම්බඩ ජල පිරිපහදුවේ සිට දියගහ ජල තටාකය වෙත ජලය පොම්ප කරන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙනි.

ඒ අනුව ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ වන්නේ,

දියගහ, කැකණදුර, වෙහෙරහේන, ගන්දර, කෝට්ටගොඩ, කුඩාවැල්ල, දික්වැල්ල සහ රත්මලේ යන ප්‍රදේශයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *