ප්‍රධාන ‘GotaGoHome’ ක්‍රියාකාරිකයෙකු අත්අඩංගුවට…

අධිකරණ නියෝග කඩකරමින් විරෝධතා පැවැත්වීම සහ පොදු දේපළවලට හානි කිරීමේ චෝදනාව මත රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු කැඳවුම්කරු ඇන්තනී වේරංග පුෂ්පික අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2022 ජුනි 09 වැනි දින කොටුවේ සහ 2022 ජුනි 10 වැනි දින බත්තරමුල්ල ඉසුරුපාය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයට සහභාගි වීම හේතුවෙන් පුෂ්පික ඊයේ පස්වරුවේ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

දොඩම්දූව ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි මෙම පුද්ගලයා වැඩිදුර විමර්ශන සඳහා කොළඹ – කොටුව පොලිසිය වෙත භාරදී තිබෙනවා.

ඔහු රුහුණු විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ හිටපු කැඳවුම්කරු බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇති අතර ඔහුගේ සේවය අත්හිටුවා ඇති බව පොලිසිය පවසයි.

සැකකරු අද කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *