පළාත් සභා මැතිවරණය සම්බන්දයෙන් රජයේ තීරන වෙනස් කරන්නැයි මහනාහිමිවරුන්ගෙන් සංදේශයක්

පළාත් සභා මැතිවරණය ‍පැවැත්වීමට රජය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වහාම නතර කරන ලෙස ”සංශෝධනය කිරීම ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමකි’’ යන මැයෙන් සංඝ සභා කිහිපයක ඉහළම ධුර හොබවන නාහිමිවරුන් 14 නමක් ජනපතිවරයා සහ අගමැතිවරයා වෙත සන්දේශයක් ඉදිරිපත් කර ඇත.

අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහනාහිමි, අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහනාහිමි, අතිපූජ්‍ය ත්‍රිකුණාමලේ ආනන්ද මහනාහිමි, පූජ්‍ය ඕමාරේ කස්සප අනුනාහිමි, පූජ්‍ය දිවියාගහ යසස්සි නාහිමි, මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමි ඇතුළු හිමිපාණන් වහන්සේ 14 නමකගේ අත්සන් එම සන්දේශයේ ඇතුලත් අතර, එයින් පෙන්වා දෙන්නේ රජයේ එම තීරණය ජනතා මතයට පටහැනි බවයි.

එහි  මහ මැතිවරණයේදී ජනතාවට දුන් පොරොන්දුව අනුව පත්කරන ලද නව ආණ්ඩුකම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා පත්කරනු ලැබ ඇති විශේෂ විද්වත් කමිටුවේ නිර්දේශ ලැබෙන්නට පෙරාතුව පළාත් සභා ඡන්දය පැවැත්වීමට කැබිනට් මණ්ඩලය අදූරදර්ශීව ගෙන ඇති තීරණය දේශයේ ගමන්මග නිවැරදි කිරීමට ඇති අගනා අවස්ථාවක් පැහැර හැරීමක් බව මෙහිලා සඳහන් කළ යුතුය.”

පළාත් සභා මැතිවරණයක් පවත්වා පළාත් සභා නැවත ස්ථාපනය කළහොත් 13 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව කටයුතු කිරීමට රජය බැඳී සිටිනු ඇත.” යනුවෙන් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *