පවිත්‍රාගේ පළමු පෙළ ආශ්‍රිතයන් ගණන 300ක්

කොවිඩ් ආසාදනය වූ ඇති බවට තහවුරු වූ සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ පළමු පෙළ ආශ්‍රිතයන් ගණන 300ක් පමණ සිටින බව සෞඛ්‍ය අංශ හඳුනාගෙන තිබේ.

පසුගිය දින පහක කාලය තුළ ඇමැතිවරිය විවිධ රැස්වීම් සහ සාකච්ඡා කිහිපයකට සහභාගිවී ඇති අතර, එම රැස්වීම් සදහා අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය එස්.එච්.මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු වෛද්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් පැමිණ තිබේ.

තමන්​ගේ සමීපතම ආශ්‍රිතයන්ට ස්වයං නිරෝධායනය වන ලෙස ඇමැතිවරිය ඉල්ලීමක් කර ඇති බවටත්, ඇමැතිවරියගේ සැමියා වන කාංචන ජයරත්න සහ දියණියක්ද පි.සී.ආර්. පරීක්ෂණයන්ට ලක් කිරීම මගින් වයිරසය ආසාදනය වී නැති බවට තහවුරු වී ඇති බවත් වාර්තා වේ.

එමෙන්ම ඇමැතිවරියගේ රියැදුරන්ට සහ ආරක්ෂක අංශයේ සාමාජිකයන්ට වෛරසය ආසාදනය වී නැති බවට තහවුරු වී ඇති බවත්, සැමියා, දියණිය සහ කාර්ය මණ්ඩලයේ සියලුදෙනා නිරෝධායනයට ලක්වෙමින් සිටින බවත් තොරතුරු වාර්තා වේ. මේ වනවිට ඇමැතිවරියගේ කාර්යාලය, මාධ්‍ය අංශය, හෙද අංශය හා විභාග අංශයද වසා දමා ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *