පරිත්‍යාගශීලීන්ට ලේ බැංකුවෙන් දැනුම්දීමක්

කොරෝනා මර්දන එන්නතක කුමන හෝ මාත්‍රාවක් ලබාගත් පුද්ගලයින් පළමු සතිය තුළ පමණක් රුධිරය පරිත්‍යාග කිරීමෙන් වළකින්නැයි ජාතික රුධිර පාරවිලයන සේවය පවසයි.

එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය ලක්‍ෂ්මන් එදිරිසිංහ පැවසුවේ කොරෝනා වෛරසයට සමාන රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන පුද්ගලයන් ද සුවය ලබන තෙක් රුධිර පාරවිලයන මධ්‍යස්ථානවලට පැමිණීමෙන් වළකින ලෙසය.

රුධිරය පරිත්‍යාග කිරීමට සුදුසු පුද්ගලයින් කලින් වේලාවක් වෙන්කර ළගම පිහිටි සිය මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙසට ද මෙහිදී  ඉල්ලීමක් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *