පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු අගරදගුරුතුමා හමුවෙයි

රජයේ සහ විපක්ෂයේ කතෝලික මන්ත්‍රීවරු කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මුණගැසීමට තීරණය කර ඇති බවත්, එම හමුවීම මාර්තු මස දෙවන දින සිදුවන බවත් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය හා රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ මෙහිදි මන්ත්‍රීවරුන් විසින් කාදිනල් හිමිපාණන් දැනුවත් කෙරෙනු ඇති බවයි.

තවදුරටත් කරුණු දැක්වූ අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයා මෙසේද පවසා සිටියා.

“නීතිපතිතුමා විසින් එයාගේ උපදෙස් ලබාදෙයි. අග්‍රවිනිශ්චයකාරවරයා ඇතුළු විනිසුරුවන් ඒකට මණ්ඩලයක් පත්කරලා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ නඩුව අහලා වැරදි කරන අයට දඬුවම් ලබාදෙයි. චූදිතයින් කවදාවත් කියන්නේ නෑ මේ දුන්නේ අසාධාරණ නඩුතීන්දුවක් කියලා. එසේ කිව නොහැකි ලෙස සාධාරණය ඉටුකරනවා. කාදිනල්තුමාව අපි මුණගැසීමට බලාපොරොත්තු වෙනවා සියලු කතෝලික මන්ත්‍රීවරු මාර්තු මාසයේ 2 වෙනිදා ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ සියලුදෙනා. අපි කාදිනල්තුමාගෙන් ඉල්ලන්නේ ජනාධිපතිතුමා ගැන විශ්වාසයක් තබාගන්න. කිසිදු අවස්ථාවක අගතියට පත් කතෝලික පිරිස වෙනුවෙන් වරදක් වෙන්න දෙන්නේ නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *