පක්ෂයෙන් යනවා ද? මන්ත්‍රී හේෂාගෙන් පිළිතුරු

තමා සහ චමින්ද විජේසිරි මහතා ආණ්ඩුව සමඟ එක්වීමට සුදානමක් පවතින බවට පළ වී ඇති මාධ්‍ය වාර්තා අසත්‍ය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.

කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මීට දින කිහිපයකට පෙර තමන් හා චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා සිය ආසන සංවිධායක ධූරවලින් ඉවත්වන බවට පක්ෂයේ මහලේකම් වෙත ලිඛිතව දැනුම් දුන් බවත් පක්ෂ මහලේකම්වරයා පමණක් දැනසිටි එම කාරණය මාධ්‍ය වෙතට ගියේ කෙසේදැයි වහාම සොයාබැලිය යුතු බවත් ඒ මහතා පැවසිය.

එම කරුණ සම්බන්ධයෙන් විශාල කතිකාවතක් නිර්මාණය කිරීමට සමගි ජන බලවේගයේ ඇතැම් පිරිස් කටයුතු කරන බවට අනාවරණය වී ඇති බවත් එවැනි කුමන්ත්‍රණකරුවන් පිළිබඳව සොයාබලා අවශ්‍ය කටයුතු කරන ලෙස පක්ෂ නායකවරයාට දැනුම් දුන් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

“ආණ්ඩුවට මේ තොරතුරු දීලා තමන්ගේ කුණු වුණ, වැටුණු, වළේ ඉන්න දේශපාලන චරිත ගොඩ එන්න ප්‍රවෘත්තියක් බවට පත්කරගෙන. රත්නපුර දිස්ත්‍රික්කයේ සමහර දේශපාලන නායකයෝ උත්සහ කරනවා හේෂා විතානගේ පොහොට්ටුවේ මේ තනතුර ගත්තා කියලා තොරතුරු පතුරන්න. නායකතුමාට කියනවා ඉදිරියේ දී මේ චරිත මොන ආකාරයේ නාට්‍යයක් රඟ දැක්වුවත් රත්නපුර දිස්ත්‍රික්කයේ අහිංසක ජනතාව, සජිත් ප්‍රේමදාස කියන චරිතය සමඟ ගොනුවෙලා ඉන්න ජනතාව මේ බොරුකාරයින් ට, මේ වැඩබැරි ටාසන්ලාට අහුවෙන්නේ නෑ. ඒක පසුගිය මැතිවරණයේ දී ඔප්පු කරලා පෙන්නුවා.” 

නායකයින්ගේ පණිවුඩය ගමට ගෙන යෑමට ඉඩනොදී සිටින කුමන්ත්‍රණකාරීන් කිසිවිටෙකත් පක්ෂය තුළ සිටීමට අවස්ථාව ලබානොදෙන බව ද හේෂා විතානගේ මහතා පැවසීය.

තවදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“අපි මතක් කරනවා සල්ලි මලුවලට දේශපාලනඥයෝ විකුණුන මේ ඉතිහාසයේ අපි දන්න විශාලම ගනුදෙනුව වෙච්ච දිනය තමයි එක්තරා දිනයක අද වගේ දවසක්. දින 52ක පටන් ගන්නේ අද වගේ දවසක. අද අපි කියනවා සල්ලි මලු කැරකැවුණා. ඒ දවස්වල තමයි හේෂා විතානගේලා චමින්ද විජේසිරිලා සල්ලිවලට ගන්න වාහනවල සල්ලි පුරවාගෙන ආවේ. ඔය ලොක්කෝ කෑ ගැහුවේ. එවැනි යුගයක මේ පක්ෂය පවා නොදීපු අපි පසුගිය 20 වන සංශෝධනය වෙලාවෙත් අපිට ගැහුවා. ඔන්න හේෂයි චමින්දයි යනවා කියලා. අපිව යවන්න ඕනේ කමක් තිබ්බා. යවන්න ඕන ලොම් හැලුන නායකයින්ට කියනවා ලේසි වෙන්නේ නෑ දුනේෂ් ගංකන්දලා යවා ගත්තට මේකට හයිය දීපු පූංචි නිළමේලා යවා ගත්තට හේෂාව යවා ගන්න ලේසිවෙන්නේ නෑ කියලා පණිවුඩය දෙනවා. ලොම් හැලුණු නායකයෝ රත්නපුරයෙන් එළවන්න ඕනේ කියන තීන්දුව ජනතාව ලබාදීලා තියෙනවා.” 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *