නීතිවිරෝධී නවසීලන්ත ගමන පොලීසියෙන් නතරවෙයි

මුහුදු මාර්ගය ඔස්සේ නීතිවිරෝධී ලෙස විදෙස් රටකට යෑමේ බලාපොරොත්තුවෙන් ත්‍රිකුණාමලය ලැගුම්හලක නවාතැන්ගෙන් සිටි පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

එම පිරිස අතර දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් 63ක් සිටි බවත් ඒ අතර සිව් හැවිරිදි දරුවෙක් ද සිටි බවත් අප වාර්තාකරු පැවසීය.

බුද්ධි නිලධාරීන් ට ලැබුණු තොරතුරක් මත පොලීසිය විසින් එම ස්ථානය වටලා සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *