නිවසේ සිටියදි පළා ගිය කොවිඩ් ආසාදිතයා සොයා ගන්න පොලිසිය මහජන සහය පතයි

කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගනු ලැබූ බොරැල්ල පොලිස් වසමේ මැගසින් පාර, බොරැල්ල යන ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකු ඔහු පදිංචි නිවසින් පළා ගොස් ඇති බව පොලීසිය පවසනවා.

වයස අවුරුදු 28 ක් වු සංගීත් ධනුෂ්ක දාබරේ නැමති එම පුද්ගලයා පසුගිය මැයි 26 වන දින සිදුකළ PCR පරීක්ෂණයකින් ආසාදිතයෙක් ලෙස තහවුරු වී තිබෙනවා.

ඒ අනුව ඊයේ දින බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් සෞඛ්‍ය අංශ නිලධාරීන් සමග එම පුද්ගලයා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමුකිරීම සඳහා ඔහුගේ නිවසට යන විට නිවැසියන්ට නොදන්නවා ඔහු නිවසින් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම පුද්ගලයාගේ ඡායාරූපය පහත දක්වා ඇති අතර ඔහු පිළිබඳ යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ස්ථානාධිපති බොරැල්ල – 071 85 91 587
පොලිස් ස්ථානය බොරැල්ල – 011 26 94 019

Leave a Reply

Your email address will not be published. Required fields are marked *