නිල්වලා කමිටුවට පවිත්‍රා දැම්මාට මැති සබේ විරෝධය

මාතර නිල්වලා ව්‍යාපෘතියේ ගැටලු සොයා බලා විසඳීම සඳහා යෝජනාවලියක් සැකසීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට  පත්කර ඇති  පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිත්වයට පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේදී ඊයේ (5) විරෝධය පළ කළහ.

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූවේ  නිල්වලා ව්‍යාපෘතියේ ගැටලු සම්බන්ධයෙන් අපක්ෂපාතී විමර්ශනයක් පැවැත්විය යුතු බවයි.

මෙම කමිටුව පත් කෙරුණේ විපක්ෂයේ ඉල්ලීමක් අනුව බව පැවසූ විපක්ෂ නායකවරයා පවිත්‍රා  මහත්මිය වාරිමාර්ග අමාත්‍යවරිය ලෙස කටයුතු  කරමින් සිටියදී මේ කමිටුවට පත් කිරීමෙන් බැඳියාවන් අතර ගැටුමක් ඇතිවන බවද ප්‍රකාශ කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *