නිලධාරීන් ඉවත් වෙන්නේ ආත්මගරුත්වය රැකගන්න යැයි ඇල්ලේ ගුණවංශ හිමි කියයි

තම ආත්මගරුත්වය ආරක්ෂා කරගැනීම සඳහා ආණ්ඩුවේ ඇතැම් ඉහළ රාජ්‍ය නිලධාරීන් තනතුරුවලින් ඉවත්වෙමින් සිටින බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි.

අද කොළඹ ධර්මායතනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ ඒ බව සඳහන් කළේය.

“වරායේ අක්කර 13ක් දෙන්න යනවා. ආයතන 20ක් පමණ දෙන්න යනවා. මගේ පන්සල පිටිපස්සේ ඉඩමකුත් දෙන්න හදනවා. සුපිරි වෙළෙඳසැල් දෙකක් දෙන්න හදනවා. දෙන්න ලැබෙයිද කියලා ආණ්ඩුව හිතන්න ඕනේ. වසර 05ක් පාලනය කරන්න රට භාර දුන්නේ. වෙන්දේසි කරන්න භාර දුන්නේ නැහැ. අපි බොහොම වේදනාවෙන් ඉන්නේ. තවත් ස්ථාන කිහිපයක් ගැන ප්‍රශ්න තිබෙනවා. ජාත්‍යන්තරය සියුම් ලෙස රට තුළ කුමන්ත්‍රණ කරනවා. ආත්ම ගෞරවය රැක ගන්න නිලධාරීන් ඉවත් වෙන්නේ. තවත් අය ඉදිරියේදී ඉවත්වෙයි. නමුත් අපිත් එක්ක එකතු වෙන්න ඕනේ. අපි ගෙනාපු ආණ්ඩුව තමයි. අපි නෑ කියන්නේ නෑනේ, මම විතරද 69 ලක්ෂේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *