නිරෝධායන රීති කැඩූ වැඩිම පිරිස ඊයේ අත්අඩංගුවට

නිරෝධායන රීති උල්ලංඝනය කළ තවත් පුද්ගලයින් 914ක් ඊයේ (29) දිනය තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

නිරෝධායන රීති ක්‍රියාත්මක කළ දින සිට මේ දක්වා කාලය තුළ එක් දිනකදී අත්අඩංගුවට ගැනුණු වැඩිම පිරිස මෙය බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

වැඩිම පුද්ගලයින් පිරිසක් මාතලේ සහ නිකවැරටිය යන ප්‍රදේශවලින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *