නිරෝධායනය කඩ කෙරූ 30 දෙනෙකුට කොවිඩ්

නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබියදී අද පෙරවරුවේ කළුතර දොඩංගොඩ නගරයේ ගමන් කළ 100 දෙනෙකු අහඹු ලෙස තෝරාගෙන ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමුකර තිබේ.

දොඩංගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා පොලීසිය එක්වී එම පරීක්ෂණ සිදුකර තිබුණි.

එම ඇන්ටිජන් පරීක්ෂණවලදී පුද්ගලයින් 30 දෙනෙකු ආසාදිත බවට හඳුනාගෙන ඇත.

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පසුගිය සිකුරාදා රාත්‍රි 10 සිට 30 වන සඳුදා අලුයම 04 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය පනවනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *