නියෝජ්‍ය ඇමතිවරුන් පිළිනොගැනීමට විපක්ෂයෙන් තීරණයක්

නියෝජ්‍ය අමාත්‍යවරුන් ඇමතිවරුන් වෙනුවෙන් දෙන පිළිතුරු පිළිනොගැනීමට විපක්ෂය තීරණය කර ඇත.

නියෝජ්‍ය අමාත්‍යවරුන් ව්‍යවස්ථාදායකයට වග නොකියන බවට කථානායකවරයා කළ ප්‍රකාශයක් හේතුවෙන් තමන් එම ස්ථාවරයට පැමිණි බව සමග ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික විශ්‍රාමික මේජර්  ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් භාරදෙනු ලැබූ විශ්වාභංග  යෝජනාව ප්‍රතික්ෂේප කරමින් කථානායකවරයා එසේ පැවසූ බවද ඔහු කීවේය.

ආණ්ඩුව ප්‍රකාශ කරන අන්දමට නියෝජ්‍ය අමාත්‍යවරුන් වගකීම් පැවරුණු කොටසක් නොවන හෙයින් ඔවුන්ට පහසුකම් සැපයීමද ගැටලුකාරී බව මන්ත්‍රීවරයා කීවේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *