නියමිත දිනට පමණක් සයිනොෆාම් එන්නත ලබා ගන්නා ලෙස දැනුම් දීමක්

දිනක් තුළ මෙරටදී ලබා දුන් වැඩිම කොරෝනා මර්දන එන්නත් ප්‍රමාණය ඊයේ දිනයේදී ලබාදී තිබේ.
වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ ඊයේ දිනයේදී පුද්ගලයින් එක් ලක්ෂ 37,067 දෙනෙකුට කොරෝනා මර්දන එන්නත ලබා දී ඇති බවය.
ඒ අනුව සයිනොෆාම් පළමු එන්නත් මාත්‍රාව පුද්ගලයින් 59,881 දෙනෙකුට සහ එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 76,615 දෙනෙකුට ලබා දී තිබේ.
එමෙන්ම ඊයේ දිනයේදී ස්පුට්නික් දෙවන මාත්‍රා 390 ක් සහ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රා 181 ක් ලබා දී ඇති බවද වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.

සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව නියමිත දිනට පෙර ලබා ගැනීමට එන්නත්කරන මධ්‍යස්ථාන වෙත බොහො පිරිසක් පැමිනෙණ බව සෞඛ්‍ය අංශ පැවසීය.

මේ වන විට පළමු මාත්‍රාව ලබා දුන් සියලු දෙනාට දෙවන මාත්‍රාව ලබා දිමට අවශ්‍ය සයිනොෆාම් එන්නත් තොග දිවයිනට ලැබී ඇති බැවින් තමන්ට අදාළ දිනයේදී එම එන්නත්කරනය සිදුකරගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *