LK reports news sinhala

නිදහස් කලා සන්ධානයේ සහාය පොහොට්ටුවට

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය හා දක්ෂතම කලාකරුවන් විශාල පිරිසකගෙන් සමන්විත නිදහස් කලා සන්ධානය එළැඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය පළ කර ඇත.

මේ සම්බන්ධයෙන් එම කලා සන්ධානය ඊයේ(9) ජාතික පුවත්පත් රැසක පිටුවක් පුරා දැන්වීම් පළ කරමින් සිය පක්ෂපාතී බව ප්‍රකාශ කර තිබිණි. ඒ අනුව නිදහස් කලා සන්ධානයේ සියලු කලාකරුවන්ගේ සහාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙට(11) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ජාතික සම්මේලනයේ දී ප්‍රකාශ කරනු ලබන එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාට හිමිවනු ඇත.

මෙම ජනප්‍රිය කලාකරුවන් පිරිස අතර ශ්‍රියන්ත මෙන්ඩිස්, මාලනී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය, සිරිල් වික්‍රමගේ, අමරසිරි කලංසූරිය, සුමිත්‍රා පීරිස්, සුදත් රෝහණ, නිල්මිණි තෙන්නකෝන්, විශාරද කෝලිත භානු දිසානායක, මහාචාර්ය මුදියන්සේ දිසානායක, මානව විද්‍යාඥ පණ්ඩුල ඇඳගම, සුනිල් සරත් පෙරේරා, ගීතා කුමාරසිංහ, පාලිත සිල්වා, රත්නා සුමනපාල, විශාරද සුජාතා අත්තනායක, විශාරද නීලා වික්‍රමසිංහ, රෝහණ බැද්දගේ, වසන්ති චතුරාණි, විජේරත්න වරකාගොඩ, කරුණාරත්න දිවුල්ගනේ, බණ්ඩාර ඇහැලියගොඩ, බන්දුල නානායක්කාරවසම්, සුමින්ද සිරිසේන, ජයසේකර අපොන්සු, රොජර් සෙනෙවිරත්න, පුණ්‍යා කත්‍රිආරච්චි, සනත් විමලසිරි සහ සුප්‍රියා අබේසේකර ඇතුළු විශාල පිරිසක් වෙති.

LK reports news sinhala

LK reports news sinhala

LK reports news sinhala

LK reports news sinhala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *