Lk reports news sinhala

කොළඹ එජාප නාගරික මන්ත්‍රීවරු ගෝඨාගේ ගුණ වයති

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නාගරික සංවර්ධනය බාරව සිටිය දී කොළඹ නගර සභාවේ කසළ බැහැර කිරීම සඳහා කිසිදු මුදලක් වැය නොවූ බව කොළඹ නගර සභාවේ එක්සත් ජාතික මන්ත්‍රීවරුන් පිරිසක් මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කළහ.

නගර සභාවේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම පිරිස කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට විරුද්ධ දේශපාලන කඳවුරක් නියෝජනය කළද ඔහු කසල වලින් කිසිසේත්ම දේශපාලනය නොකළ බවයි. එමෙන්ම වත්මන් රජය මෙන් තමන් බිත්තියට හේත්තු කරමින් කසල ගැටලුවේ සියලු වගකීම් නගර සභාවට නොපැවරූ බවද ඔවුහු කියා සිටියහ.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාලයේ දී සැලසුම් කරන ලද අරුවක්කාලු කසල බැහැර කිරීමේ අංගනයට කසල ගෙන යාම සඳහා විධිමත් දුම්රිය ප‍්‍රවාහන ක්‍රම වේදයක් සකසා තිබූ නමුත් දැන් සිදුව ඇත්තේ ලොරි රථ මගින් ගෙනගොස් දැමීම බවත් ඒ සඳහා අධික වියදමක් වැය කිරීමට සිදුව ඇති බවත් මන්ත‍්‍රීවරු කියා සිටියහ. ඒ සඳහා ප්‍රාදේශීය සභා මට්ටමින් කප්පම් ගෙවීමට සිදුව ඇති බවද ඔවුහු පෙන්වා දුන්හ.

කිසිදු අමතර වියදමක් නොකර ගෝඨාභය මහතා ගේ කාලයේ සිදුකළ කසළ බැහැර කිරීමේ ක්‍රියාවලිය පසුගිය වසර දෙකක පමණ කාලයක සිට රුපියල් බිලියන ගණනක් වියදම් කළද නිසි ක්‍රමවේදයකට සිදුනොවූ බව ඔවුහු කියා සිටියහ.

මෙම මන්ත්‍රී පිරිස අනියමින් චෝදනා කරන ලද්දේ වර්තමාන රජයේ මෙගා පොලිස් ඇමති චම්පික රණවක මහතාටයි.

(Image – lankaCnews)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *