Lk reports news sinhala

අර්ජුන් මහේන්ද්‍රන්ට වරෙන්තු

ශ‍්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරීමාණ වංචාවක් සිදු කිරීම අර්ජුන් මහේන්ද්‍රන්ට ඇති චෝදනා වේ.

අධිකරණය මඟහැර විදේශගතව සැඟවී සිටින අර්ජුන් මහෙන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා එසේ වරෙන්තු නිකුත් කළ අධිකරණය එම වරෙන්තුව ඉංග‍්‍රීසි භාෂාවෙන් නිකුත් කිරීමටද නියම කළේය.

මෙම නඩුව සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙස කළ නියෝගයකට අනුව විත්තිකරුවන් දසදෙනාගෙන් හත්දෙනෙකු අධිකරණයේ පෙනී සිටි අතර වත්මන් ආණ්ඩුව 2015 වසරේ බලයට පත්වී තෙමසක් ඉක්මවීමටත් පෙර මෙම මහ බැංකු මංකොල්ලය සිදුවූ අතර මේ වනතුරු අදාළ වැරදිකරුවන්ට දඬුවම් කර නැත.

(උපුටා ගැනීම – ලංකාදීප/ Image – Lanka Truth)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *