Wednesday, 11 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

නැඟණිය බේරා ගැනීමට පරෙයියන් ඇල්ලට පැනපු අයියා නැඟණිය සමඟම අවසන් ගමන් යයි

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

මොනරාගල පරෙයියන් ඇල්ලේ ගිලී එකම පවුලේ අයියා සහ නංගී මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.

අප වාර්තාකරු පැවසුවේ 23 හැවිරිදි එම තරුණිය පරෙයියන් ඇල්ලට ලිස්සා වැටි ඇති අතර ඇයව බේරා ගැනීමට ඇයගේ අයියා ජලයට පැන ඇති බවය.

නමුත් ඒ අවස්ථාවේදී දෙදෙනාම මියගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ ගාමිණිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි තරුණියක් සහ 30 හැවිරිදි ඇයගේ සහෝදරයාය.

අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පරෙයියන් ඇල්ල නැරඹීමට සහ එහි දියනෑමට ඊයේ පස්වරුවේ ගොස් ඇත.

ඔබේ අදහස