නාවික හමුදාව නීතිවිරෝධී සංක්‍රමණ උත්සාහය ව්‍යර්ථ කරයි.

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගය ඔස්සේ විදේශගත වීමේ තවත් උත්සාහයක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ව්‍යර්ථ කර තිබේ.

බෝට්ටුවකින් විදේශගත වීමට උත්සාහ කළ පුද්ගලයින් 50කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෙන්නප්පුව – කොලින්ජාඩිය ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පිරිස වෙන්නප්පුවේ සිට බෝට්ටුවකින් ප්‍රංශය බලා යාමට උත්සාහ කර ඇති බවයි ඔවුන් පැවසුවේ.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා වෙන්නප්පුව පොලිසියට භාරදී තිබෙනවා.

පවතින ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස මුහුණ දෙන දුෂ්කරතා හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු මුහුදු මාර්ගය ඔස්සේ විදේශගත වීමට උත්සාහ කරමින් සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *