දෛවයට අභියෝග කළ දෙව්මි රන්සරා

සිය දෛවයට අභියෝග කරමින් මෙවර සාමාන්‍ය පෙළ විභාගය A සාමාර්ථ 9ක් සහිතව විශිෂ්ට ලෙස සමත් වූ සිසුවියක පිළිබඳව මාතර දික්වැල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

ඇය අනෙක් සිසුවියන්ට වඩා විශේෂ වන්නේ ඇය උපතින්ම ස්නායු ආබාධයකින් පෙළීම හේතුවෙනි.

දෙව්මි රන්සරා කුලතුංග රාජපක්ෂ නම් ඇය මාතර බඹරැන්ද සද්ධර්මරාජ මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරයි.

ඇයගේ ආබාධ තත්ත්වය හේතුවෙන් පාසලේ පන්ති කාමරයේදී ඇයට විශේෂිත වූ අසුනක් පවා වෙන්කර තිබුණි.

විශේෂ අවශ්‍යතා සහිත තත්ත්වය සලකා සෞන්දර්ය විෂය වෙනුවට සිංහල සාහිත්‍ය විෂය හැදෑරීමට ද ඇයට පාසලෙන් අවස්ථාව හිමිවූවාය.

නමුත්, ආබාධිතවීම ජීවිතේ කිසිම දිනක දෙව්මි අඩුවක් නොසැලකීය.

ඉලක්කය පිළිබඳව නොසැලෙන විශ්වාසයත්, කැපවීමත්, උත්සහයත් නිසා ඇයට ජීවිතයේ ජයග්‍රාහි කඩඉමක් පසුකරයෑමට අවස්ථාවක් ලැබුණි.

එළෙස ජීවිතය දිනන්නට වෙර දරන සිය එකම දියණිය සුවපත් කර ගැනීම මව්පියන්ගේ විශාල බලාපොරොත්තුවකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *