දැන් තියෙන්නේ ආර්ථිකයක් ගොඩ ගන්නකොට ඇතිවෙන ප්‍රශ්න – ජනපති

බංකොලොත් වූ මෙරට ආර්ථිකය කෙටි කලකින් නැවත යථා තත්ත්වයට පත්වීම සම්බන්ධයෙන් විදෙස් නායකයින් පවා විමතියට පත්වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සපුගස්කන්ද අබේසේකරාරාමයේ රන්වැට විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,‍‍

“මම ඒ ආණ්ඩුව භාර ගත්තේ… එදා ඒ ආර්ථික කැඩිලා තිබුණේ . ඒ ආර්ථිකය නැති වෙන්න තිබුණේ. මිනිස්සුන්ට ජීවිත් වෙන්න ආහාර තිබුණේ නෑ. ආදායම් තිබුණේ නෑ. ඉන්ධන තිබුණේ නෑ. මේ රට බේරාගන්න ඕනේ නිසා, ආර්ථිකය හදන්න ඕනේ නිසා ඒක කරන්න පුළුවන් කියන විශ්වාසය තිබුණ නිසා… මම මේ රටේ ජනාධිපතකම භාර ගත්තා.”

“අවුරුදු 2ක් ගිහින් තියෙන්නේ… ක්‍රමාණුකූලව සමාන්‍ය තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ . ණය ගෙවීම් ප්‍රශ්න තියෙනවා. ආර්ථික ප්‍රශ්න තියෙනවා… මේ තියෙන්නේ ආර්ථිකයක් ගොඩ ගන්නකොට තියෙන ප්‍රශ්න. අපි දැන් එතනින් ඉදිරියට ගිහින් ඉන්නේ.” 

“ඉතා කෙටි කාලයකින් අපි දියුණු වුණු එක ගැන බොහෝ ලෝක නායකයින් පුදුමයට පත්වුණා. ඉදිරියේදී ආර්ථිකයේ ස්ථාවර භාවයක් ඇති වේවි.”

“රටේ ආදායම් වැඩිකරන්න ඕනේ. ඒ නිසා තමයි කනගාටුවෙන් හරි වැට් වැඩි කරන්න සිදුවුණේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *