තේ ඇතුළු ආපනශාලා අයිතමවල මිල අඩු කෙරේ.

තේ කෝප්පයක සහ සාමාන්‍ය තේ කෝප්පයක මිල අද (01) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය නිවේදනය කරයි.

ඒ අනුව තේ කෝප්පයක නව මිල රු. 100 ක් වන අතර ප්ලේන් ටී කෝප්පයක් රු. 30.

ආපනශාලා ආහාර ද්‍රව්‍ය හතරක මිල ද අද සිට අඩු කරන බවයි එම සංගමය වැඩිදුරටත් කියා සිටියේ.

අද මධ්‍යම රාත්‍රියේ සිට රෝල්ස්, පරාටා, බිත්තර රොටී සහ එළවලු රොටිවල මිල අඩු කෙරෙන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *