තැපැල්පතිගෙන් නිවේදනයක්

තැපැල් සේවාවන් සිදුකරන දින ගණන සීමා කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

පවතින දැඩි අර්බුදකාරී තත්ත්වය තුළ එම තීරණය ගත් බව තැපැල්පතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

“රජය විසින් තැපැල් සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර තිබෙන තත්ත්වයක් තුළ සතියට දින 6ක් රාජකාරි කටයුතු සඳහා කාර්යාල විවෘතව තැබීමට පසුගියදා අපි තීරණය කළා. නමුත් පවතින දැඩි ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් එම තත්ත්වය පවත්වාගෙන යෑමට දැඩි බාධා එල්ලවී තිබෙනවා. ඒ අනුව වෘත්තීය සමිති සහ බලධාරීන්ගේ එකඟතා මත ඉදිරි කාලය සඳහා බදාදා සහ බ්‍රහස්පතින්දා දින 2ක් කාර්යාල වසා තබමින් සතියකට දින 4ක් පමණක් තැපැල් සේවා සිදුකිරීමට තීරණය කර තිබෙනවා. නිරෝධායන ඇඳිරිනීතිය පවතින කාලය තුළ කාර්යාමණ්ඩලයේ 500ක් පමණ කොවිඩ් ආසාදනය වී තිබෙනවා. ඒ නිසා කාර්යාල 50ක් පමණ පවත්වාගෙන යා නොහැකි තත්ත්වයට පත්වී තිබෙනවා. වැඩිහිටි ආධාර දීමනා ඇතුළු ගෙවීම් කටයුතු එළඹෙන 17වනදා සහ 18වනදා සිදුකිරීමට නියමිතයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *