Thursday, 12 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට කමිටුවක් පත් කෙරේ

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

GSP+ සහනය තවදුරටත් ලබාගැනීම වෙනුවෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කර ඇති බව විදේශ අමාත්‍යංශ ලේකම්, විශ්‍රාමික අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි.

එම සහනය ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් එළඹෙන 27 වැනිදා මෙරටට පැමිණිමට නියමිතය.

මෙරටට පැමිණෙන යුරෝපා සංගමයේ දූත පිරිස ජනාධිපතිවරයා, අග්‍රමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා හමුවී සාකච්ඡා කිරීමටද නියමිත අතර ජි.එස්.පී ප්ලස් සහනය තවදුරටත් ලබාගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කරන ලෙස දැනුම් දී තිබේ.

ඔබේ අදහස