තවත් නිවසක් තුළ අභිරහස් ලෙස මියගිය තිදෙනෙකුගේ සිරුරු හමුවේ, කුඩා ළමයෙකුත් ඒ අතර

නිවසක් තුළ අභිරහස් ලෙස මියගිය තිදෙනෙකුගේ සිරුරු හමුවේ – කුඩා ළමයෙකුත් ඒ අතර

ගල්ගමුව මහනාන්නේරිය ප්‍රදේශයේ නිවසක තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගල මළ සිරුරු 03 ක් සොයාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ, කුඩා දරුවෙකුගේ, කාන්තාවකගේ සහ පිරිමි පුද්ගලයෙකුගේ මළසිරුරු මෙහිදි සොයාගෙන ඇති බවය.

මියගිය කාන්තාව සහ පිරිමි පුද්ගලයා 28 හැවිරිදි වියේහි පසුවන අතර පිරිමි පුද්ගලයා අදාළ කාන්තාව සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බවට පොලීසිය සිදුකළ මුලික විමර්ශනවලදි අනාවරණය වී තිබේ.

ඔවුන් දෙදෙනා අතර ඇතිවු ආරවුලක් දුරදිග යාමෙන් අදාළ පුද්ගලයා විසින් එම කාන්තාව සහ ඇයගේ 10 හැවිරිදි පිරිමි දරුවා ඝාතනය කර පසුව ඔහුද සියදිවි හානිකරගෙන ඇති බවට පොලීසිය සැකපළ කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *