තමිල්නාඩුව ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර පරිත්‍යාග කරයි.

තමිල්නාඩුව විසින් පරිත්‍යාග කරන ලද මානුෂීය ආධාර තොගයක් ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට භාර දී තිබේ.

තමිල්නාඩුව විසින් පරිත්‍යාග කරන ලද මානුෂීය ආධාරවල වටිනාකම රුපියල් බිලියන 3.4 ඉක්මවන අතර සහල් මෙට්‍රික් ටොන් 40,000 ක්, කිරිපිටි මෙට්‍රික් ටොන් 500 ක් සහ ඖෂධ මෙට්‍රික් ටොන් 100 කට වැඩි ප්‍රමාණයක් ඇතුළත් වේ.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් අද කොළඹදී අලි සබ්රි සහ කෙහෙළිය රඹුක්වැල්ල යන අමාත්‍යවරුන් වෙත මානුෂීය ද්‍රව්‍ය භාර දෙනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *