ඩෙටනේටර් සහ වෙඩිබෙහෙත් සමග කාන්තාවක් අත්අඩංගුවට

පුපුරණ ද්‍රව්‍ය සිය යට ඇඳුම් තුළ සඟවාගෙන රැගෙන යමින් සිටි කාන්තාවක් කොටවෙහෙර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කොටවෙහෙර පලුගස් හන්දියේදී මාර්ග බාධක යොදා සිදුකළ පරීක්ෂා කිරීමකදීය.

කොටවෙහෙර, පලුගස් හන්දිය ප්‍රදේශයේදී පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා එක්වී පොලිස් නිල සුනඛයන් යොදා දුරගමන් සේවා බස් රථ පරීක්ෂා කිරීමක් සිදුකර තිබුණි.

එහිදී බස් රථයක සිටි කාන්තාවක් පරීක්ෂා කිරීමේදී ඇයගේ යට ඇඳුම් තුළ සඟවාගෙන සිටි විද්‍යුත් නොවන ඩෙටනේටර් 2ක්, කළු වෙඩිබෙහෙත් ග්‍රෑම් 165ක්, අමෝනියා ග්‍රෑම් 605ක් සහ අඩි 10ක් දිග සේවා නූලක් සොයාගෙන ඇති බව පොලීසිය පැවසීය.

සැකකාරියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ, ඇය ගල්වලක වැඩකර නැවත පැමිණෙමින් සිටයදී අදාළ පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආ බවය.

තම නිවස පසුපස ඇති ගලක් කැඩීම සඳහා පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආ බවත් ඇය පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පවසා තිබේ.

කෙසේවෙතත් ඇයගේ ප්‍රකාශවල පරස්පරතා පවතින බැවින් වැඩිදුර විමර්ශන සඳහා සැකකාරිය රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *