ජලාශවල අවදානම ඉවරයි

දිවයිනේ සියලුම ජලාශවල ජල මට්ටම් සාමාන්‍ය ජල මට්ටම කරා පැමිණෙමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

වාරිමාර්ග අධ්‍යක්ෂ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේ වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ මිනුම් මධ්‍යස්ථානවල දත්ත අනුව කිසිදු ජලාශයක ගංවතුර මට්ටමක් කරා තවදුරටත් නොපවතින බවයි.

පසුගිය පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය වූ මිලිමීටර් 50-100ත් අතර ප්‍රමාණයක් ප්‍රධාන ජලාශ කිහිපයක් ආශ්‍රිතව වාර්තා වී ඇත.  ඒ අනුව කැලණි, කළු ගඟ ආශ්‍රිතව මිලිමීටර් 50-100ත් අතර ප්‍රමාණයක් මෙන්ම ගිං ගඟ සහ නිල්වලා ගඟ, අත්තනගලු ඔය ආශ්‍රිතව මිලිමීටර් 50ක වර්ෂාපතනයක් වාර්තාවූ බව  ඔහු  සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *