ග්‍රෙගරි වැවේ අධීක්ෂණ වැඩ වාරි මාර්ගයට පවරයි

නුවරඑළිය ග්‍රෙගරි වැව සම්බන්ධ අධීක්ෂණය සහ තාක්ෂණික සේවාවන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට පවරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ග්‍රෙගරි වැවේ ආර්ථික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්  නගර සභාව සමඟ ගිවිසුමකට එළැඹෙන ලෙස ද ජනාධිපතිවරයා කීය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වාරි මාර්ග වලට සිදුව තිබෙන හානිය  සහ ඊට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා  අදාළ වගකිව යුතු නිලධාරීන් සමඟ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව පැවැසීය.

නුවරඑළිය දිස්ත්‍රික්කයට බලපෑ ආපදා වලට හේතුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී විමසීමක් කළ අතර නිලධාරීන් පෙන්වා දුන්නේ  අනවසර ඉදිකිරිම්, ඇළ මාර්ග පටුවීම සහ  ග්‍රෙගරි වැවේ සොරොව්ව විශාල නොකිරීම ඊට හේතු ලෙස හඳුනාගෙන ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *