ජනාධිපති නිල නිවසේ දේපළ සොරාගත් තිදෙනෙක් අත්අඩංගුවට…

කොළඹ ජනාධිපති නිල නිවසේ තිර රෙදි සඳහා යොදාගත් රන් ආලේපිත තඹ බෝල 40ක් සොරකම් කළ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2022 ජුලි 09 වැනි දින ඇති වූ මහජන නැගිටීමත් සමඟ මහජනතාව කඩා වැදී ජනාධිපති නිල නිවසට ඇතුළු වීමෙන් පසු සැකකරුවන් එම භාණ්ඩ සොරකම් කර ඇති බව පොලිසිය පවසයි.

එම තඹ බෝල පරණ යකඩ ලෙස අලෙවි කිරීමට තැත් කිරීමේදී වැලිකඩ පොලිසිය විසින් ඔවුන් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අවුරුදු 28, 34 සහ 37 යන වයස්වල පසුවන රාජපක්ෂ, ඔබේසේකරපුර ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ඔවුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සැකකරුවන් ජනාධිපති නිල නිවස ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන විශේෂ පොලිස් කණ්ඩායම වෙත භාරදී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *