ජනපතිගේ කොඩිය සොරාගත් පුද්ගලයා අත්අඩංගුවට…

ජුලි 09 වැනිදා ජනාධිපති නිල නිවසේ තිබූ ජනාධිපති කොඩිය සොරකම් කළ 54 හැවිරිදි පුද්ගලයෙකු වේල්ල වීදිය පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබුණා.

එම පුද්ගලයා ජනාධිපති නිල නිවසේ තිබූ කොඩිය සොරාගෙන ගොස් ඇඳ ඇතිරිල්ලක් ලෙස භාවිත කරන අයුරු දැක්වෙන වීඩියෝවක් හුවමාරු වෙමින් පවතිනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ සමගි සේවක සංගමයේ හිටපු උප සභාපතිවරයා බව පරීක්ෂණවලදී අනාවරණ වුණා.

සැකකරුගෙන් ලද ප්‍රකාශයෙන් පසු ජනාධිපතිවරයාගේ කොඩිය සොයා ගැනීමට පොලිසිය නියමිතයි.

ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *