චීන ධීවරයන්ට දකූණු කොරියාවෙන් චෝදනාවක්

චීන ධීවර යාත්‍රා සිය ගණනින් කහ මුහුද ආශ්‍රිත තම මුහුදු කලාපයට ඇතුලු වී අනවසරයෙන් මසුන් මැරීමෙි යෙදෙන බවට දකුණු කොරියාව චෝදනා කරයි.

මෙම අනවසර ධීවර යාත්‍රාවල ප්‍රධානතම ගොදුරැ බිම වී ඇත්තේ උතුරැ කොරියා මායිමේ ඇති දකුණු කොරියා  මුහුදු කලාපය බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

දකුණු කොරියාවේ යෙන්ෆොයින්ග් ධීවර බලධාරීන් උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ මේ මහා පරිමාණ අනවසර  මසුන් මැරීම හේතුවෙන්  රටේ සමුද්‍ර පරිසරයටද බරපතල හානියක් සිදුව ඇති බවයි.

චීන ධීවර යාත්‍රා තම මුහුදු කලාපයට අනවසරයෙන් පිවිස මසුන් මැරීම අතීතයේ සිට වරින්වර සිදුවූවක් වුවද මෑත කාලීනව එය දැඩි ලෙස වර්ධනය වී ඇතැයි දකුණු කොරියානු ධීවර අමාත්‍ය මූන් සියොන්ග් ප්‍රකාශ කර ඇත.

මෙම තත්වය මැඩලීම සදහා නාවික මෙන්ම ගුවන් මෙහෙයුම්  දියත් කළත් එය එතරම් සාර්ථක වී නොමැති බව දකුණු කොරියානු ධීවර අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

තත්වය පාලනය කිරීමට චීන බලධාරීන්ද වරින් වර උත්සහ කර ඇත්ත එය සාර්ථක වී නොමැති බව අදාළ මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *